Theatrical Adaptation

ranga copyTheatrical adaptation, through fusion and alienation


The “Mahasamayama” come to the stage to invite the folk drama tradition emerged through chanting performances from the ancestry to the contemporary period, and to sort out the human thinking formed from ancestral human vision and the innovations and performances emerged from these periods. 

 

The waves of ancestral thinking lay dormant in Human behavioral networks. These forces re-emerge to the contemporary world through human inquisitiveness, expression of surprise and through related actions. 

 

The reading of the folk society of Sri Lanka could be done through the aforementioned human inquisitiveness, and expression of surprise and grasping of things. It seems that certain modernists who attempt to identify the qualities of civilization nourished by religious fundamentals from a distance that cannot reach these fundamentals. 

 

The ancient human being discovers the mechanism of weighing the ancient thinking waves and human qualities by fusing innovative qualities for that purpose. It is by this method that myths about Gods and Devils are formed. These performance methods are formed through fusion of complicated psychological and human science qualities. 

 

The Mahasamayama presents a complicated and panoramic pageant which creates an astonishing surprise. Sri Lanka’s contemporary drama generation is a generation nourished by the experiences of two generations. These experiences should transform to the contemporary era without becoming dormant. It is this task that is performed by the Mahasamayama drama. 

 

Highly experienced and veteran dramatists of Sri Lanka such as Jackson Anthony, Ravibandu Vidyapathi, Channa Wijewardene, Shriyantha Mendis, Nissanka Diddeniya, Chaturika Peiris, Indika Upamali, Madani Malwatte, Sandun Wijesiri, Kumara Thirimadura and Janaka Ranasinghe join together to present the Mahasamayama.

 

The acting performance of the Mahasamayama is done by Channa Wijewardene, Ravibandu Vidyapathi and Darshana Piyaratne. Music is composed by Samantha Perera, . Background decorations are arranged by Lalith Jayashantha. The costume arrangements have been done by Sampatha Sanjeewa, Buddhadasa Galappaththi is the make-up artiste.

 

We have now got the infrastructure facilities to step into a new stage drama tradition. The Nelum Pokuna Performance Arts Theatre is a valuable treasure in this connection. This should be started by some from somewhere. Although it is a difficult task a foundation has been laid. Mahasamayama is this initiative. Mahasamayama undertakes the testing of the technological entry, background creation and about the stage illumination. 

 

In an era in which human traditions have been developed with modern technology, a debate that exists in the background of this drama is how this technology revolution could be adopted for the development of the human integration. 

 

The drama utilizes ancient chanting drama methods, folk drama styles, the costumes, the stage, and performance arts in a modern way. The Mahasamayama also attempts to use the Masks also through a visionary innovation. 

 

Mahasamayama is a combined effort of all this. The Mahasamayama will be staged as a new approach in the Sri Lankan society. 

Aa Wadaa Aayu Bowan.



රංග ස්වභාවය

"පුරාණෝක්තියෙන් යාතු කර්මයෙන් උපන් ජන නාට්‍ය සම්ප්‍රදායන්ට, වර්තමානයට ආරාධනා කරනු වස්, පුරාණ මානව පරිකල්පනයෙන් හා ස්මරණයේ මහත් වූ ආනිශංසයෙන් බිහි වූ නිර්මාණාත්මක අනුභූතීන් හා රංග චර්යා ඔස්සේ අද්‍යතන මානව සිතුවිලි හා පැවැත්ම තේරුම් බේරුම් කර ගැනීමෙහි ලා ''මහසමයම'' රංගාවතරණය වෙයි’.

මානව චර්යා පද්ධතීන්, පුරාණ චින්තන ධාරාවන් තුළ නිධන්ගත ව පවතී. එම චින්තනයන් නැවත පොළොව මත ගොඩනැඟෙන්නේ මිනිස් සිත තුළ පවතින මනෝභාවයන්ගේ කුතුහලය, විස්මය දනවන සුළු හැඟීම් සමුදායක් ආදිය සමඟිනි.

ශ්‍රී ලාංකීය ජන සමාජයේ කියැවීම ගත් විට එහි මුල් සොයා යෑම වූ කලී පෙර සඳහන් කළ කුතුහලය සහ විස්මය දනවන අත්දැකීම් හා කියැවීම් සොයා යාමකි. ආගමික මූලයන්ගෙන් පෝෂණය වන ශිෂ්ටාචාරික ගුණාංග හඳුනාගන්නට උත්සාහ කරන ඇතැම් නූතනවාදීන් එයට ළඟා විය නොහැකි ඉමක සිට එය මැන බැලීමට උත්සහ ගන්නා බවක් ද පෙනේ.

අතීත චින්තන ධාරා සහ මනෝභාවයන් කිරා බැලීමේ උපක්‍රමය පුරාණ මිනිසා සොයාගනු ලබන්නේ ඒ සඳහා නිර්මාණාත්මක ගති ලක්ෂණ එකතු කරමිනි. දෙවියන් පිළිබඳ පුරාවෘත්ත සහ යකුන් පිළිබඳ පුරාවෘත්ත ගොඩනැඟෙන්නේ ඒ අයුරිනි. මෙම රංගාවතරණය සකස් වන්නේ සංකීර්ණ වූ මනෝ විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක විශ්ලේෂණයන් ද එකතු කරමිනි.

මහසොහොන් සමයමේ පවතින්නේ සංකීර්ණ, විස්මය දනවන, විචිත්‍රවත් ප්‍රසාංගයකි. ශ්‍රී ලංකාවේ නූතන නාට්‍ය පරම්පරාව, පරම්පරා දෙකක ඥාන සම්භාරයකින් පෝෂණය වූ පිරිසකි. එම ශිල්පීය ඥාන මූලයන් නොසිඳී නූතනයට කාන්දු විය යුතුය. මහසමයම නාට්‍ය තුළ සිදු වන්නේ ද එම කථිකාවයි.

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ, අත්දැකීම් බහුල, නාට්‍යකරුවන් වන ජැක්සන් ඇන්තනී, රවිබන්ධු විද්‍යාපති, චන්න විජේවර්ධන, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, චතුරිකා පීරිස්, ඉන්දිකා උපමාලී, මාදනී මල්වත්ත, සඳුන් විජේසිරි , ජනක රණසිංහ හා කුමාර තිරිමාදුර මහසමයමට එක්වෙති.

මහසමයමේ රංග වින්‍යාසය සිදු කරනු ලබන්නේ චන්න විජේවර්ධන, රවිබන්ධු විද්‍යාපති සහ දර්ශන පියරත්න විසිනි. සංගීත අධ්‍යක්ෂණය සමන්ත පෙරේරා ගෙනි. පසුතල නිර්මාණ ලලිත් ජයශාන්ත, රංග වස්ත්‍ර නිර්මාණය සම්පත් සංජීව, අංග රචනය බුද්ධදාස ගලප්පත්ති විසිනි.

නව වේදිකා නාට්‍ය සම්ප්‍රදායක් කරා ප්‍රවේශවීමට අවශ්‍ය කරන යටිතල පහසුකම් දැන් අපට ලැබී තිබේ. ''නෙළුම් පොකුණ '' රංග පීඨය එවන් අනගි දායාදයකි. කොතැනකින් හෝ කවුරුන් හෝ මෙය ආරම්භ කළ යුතුය. අසීරු වෑයමක් වුවත් එයට යම් මුලපිරීමක් කළ යුතුය. මහසමයම එම මුල පිරීමයි. නව තාක්ෂණික ප්‍රවේශ, පසුතල නිර්මාණ සහ වේදිකා ආලෝකය පිළිබඳ අත්හදා බැලීම් මහසමයම තුළ සිදු වෙයි.

මානව සම්ප්‍රදායන් නූතන තාක්ෂණය සමඟ වැඩී තිබෙන යුගයක, එකී තාක්ෂණ පෙරළිය මානව සබඳතා වර්ධනය කරන්නේ කෙසේද යන්න ද මෙම නාට්‍ය පසුබිමේ පවතින සංවාදයකි.

පැරණි යාතුකර්ම හෝ ගැමි නාට්‍ය රංග භාවිතාවන්, පෙළ, වස්ත්‍රාභරණ, වේදිකාව, රංගභාවිතාවන් පිළිබඳ ව නව ආඛ්‍යානයක් මත තබා නාට්‍ය තුළ භාවිත කෙරේ. වෙස් මුහුණු භාවිතය ද දෘෂ්ටිමය ප්‍රවේශයක් ඔස්සේ මහසමයම තුළ භාවිතයට ගැනීමට උත්සාහ කරයි.

මහසමයම මෙහි කූඨප්‍රාප්තියයි. ශ්‍රී ලංකා සමාජ ස්ථරය තුළ නව කියැවීමක් ලෙස මහ සමයම හෙට දින රංගාවතරණය කරනු ඇත.

ආ වඩා ආයුබෝ වේවා!

Read 3705 times