Features

pathiraja 2

Myth & legend embedded in human consciousness over a long period of time embody the essence of the cultural attributes of a nation. Though they may have been introduced to society giving an incorrect twist to historical incidents, suppositions or mere wishful thinking in their evolution lies a vast collection of hopes and thoughts of humankind.
Taking into consideration all forms of media, it has to be conceded that drama plays a significant role in presenting modern social values through myths and legends. The great drama of the 5th century that extols the heroic exploits of the citizens drew inspiration mainly from myth and legend.
Even in our own country we can witness the inspiration drawn by Prof.Ediriweera Sarachchandra from our folk dramas while Henry Jayasena drew inspiration from abroad in presenting Bertolt Brecht’s ‘The Chalk Circle’.
Prof.Ariyarathne Athugala has based ‘Mahasamayama’ on myth and legend from Sri Lanka and India. Though based on folk beliefs and religious rituals, ‘Mahasamayama’ takes up the challenge to investigate the modern reality common to any country or era.

මහසමයමට ''පෙරවදනක්'' - ආචාර්ය ධර්මසේන පතිරාජ

pathiraja 2දිගු කාලයක් පුරා සම්ප්‍රදායත් සමඟ වර්ධනය වෙමින් මනුෂ්‍ය විඥානය තුළට විනිවිද ගොස් ඇති මිත්‍යාවහා පුරාණෝක්තිය කිසියම් ජාතියක,සංස්කෘතික අධ්‍යාත්මය පිළිබිඹු කරන හැඟවුම් කාරකයන් ය. ඇතැම්විට ඓතිහාසික සංසිද්ධීන්ගේ අවභාවිතයක් ලෙසින් ද උපකල්පනයක් හෝ කල්පිතයන් හෝ ඇසුරෙන්ද උත්පත්තිය ලබා සමාජගත වුවත් වර්තමානය තෙක් ම මිත්‍යාවේ හා පුරාණෝක්තියේ අන්තර්ගතයතුළ සටහන්ව ඇත්තේ මනුෂ්‍ය සංහතිය විසින් ම හදා වඩා ගත් සිතුම් පැතුම් සම්භාරයයි.
කලාව තුළ කුමන ආකාරයෙන් මෙකී මිත්‍යා සහ පුරාණෝක්ති ප්‍රකාශයට පත් වන්නේ ද යන්න සළකාබැලුවහොත් අනෙක් මාධ්‍ය කෙසේ වෙතත් නාට්‍යය ඉතා පොහොසත් ලෙස කාලීන සමාජ යථාර්තයපිළිබිඹු කළ හැකි අවියක් සේ මිත්‍යාව සහ පුරාණෝක්තිය භාවිතා කරන ආකාරය ප්‍රකටව දැකිය හැකිය.ක්‍රි.පූ.පස්වන සියවස පමණ ඈතට දිවෙන අතිශයින් ම විශිෂ්ඨ කෘතීන් ලෙස මිනිස් අධ්‍යාත්මය ඉතාගැඹුරින් විවරණය කර වීර ආඛ්‍යාන රැගත් ග්‍රීක නාට්‍යය මුළුමණින් ම පාහේ මිත්‍යාවෙන් හාපුරාණෝක්තියෙන් පෝෂණය ලැබූවකි.

මෙරටින් මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ ද පිටරටකින් බර්ටෝල්ට් බ්‍රෙස්ට් වැනි නාට්‍ය කරුවකුගේ දකෘතීන් ගෙන විවරණය කිරීමේ දී වර්තමාන නාට්‍ය තුළ එම අපූරු චමත්කාර ජනක භාවිතය පිළිබඳ අගනාඅවබෝධයක් අපට ලැබිය හැකිය.

මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ ''මහසමයම'' නැමති නාට්‍ය ද දේශීය මෙන් ම භාරතීයසම්ප්‍රදායන්ගේ එන මිත්‍යා හා පුරාණෝක්ති ඇසුරෙන් රචනා කොට නිෂ්පාදනය කරනුලබන්නකි.බොහෝවිට ආගම,පූජාකර්ම හා අධ්‍යාත්මිකතාව මිත්‍යාවට හා පුරාණෝක්තියට පදනම් වූවත්එම පදනම් විනිවිද යමින් ඕනෑම දේශයකට හා ඕනෑම යුගයකට පොදු වූ ධර්මතාවන් නැතහොත්වර්තමාන යථාර්තය දැකීමට දරණ ප්‍රයත්නය තුළ ''මහසමයම'' අභියෝගාත්මක නාට්‍යය අත්දැකීමක් වනුඇත.