Sampath Sanjeewa

Sampath Sanjeewa resident in Batahettara, Piliyandala in the Colombo District, received his preliminary education from the Sumanasara Vidyalaya in Batahettara, Piliyandala. He studied for his G.C.E.(A/L) at Sripali Vidyalaya in Horana in 2005 and learned basics of the performance arts from the teacher J.P.Kanthi. He received further education on change of characters etc., from the teacher Aruna Shantha of the Shripali Vidyalaya in Horana. After that he received education on Upcountry, Low Country, Sabaragamua and Western dance performances from the teacher Malmi Nilanga of the Jana Kala Kendraya in Battaramulla and is now receiving further education at the National Youth Services Council in Maharagama.

In the meantime he is also studying for his degree at the Aesthetic University. It was the performance arts teacher Prageeth Anuradha who taught Sampath on the preparation of performance costumes known as “Sathisa” etc.
At present he is making performance arts costumes for all island school dance contests, for the dance troupe of the National Youth Services Council, to the dance troupe of the Jana Kala Kendraya and to the Police Band.

සම්පත් සංජීව - ඇඳුම් නිර්මාණය

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, බටකැත්තර පදිංචි සම්පත් සංජීව මුලින්ම අධ්‍යාපනය ලැබුවේ බටකැත්තර, පිළියන්දල සුමනසාර මහා විද්‍යාලයෙනි. හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් 2005 වසරේදී අ.පො.ස. උසස් පෙළ හැදෑරූ අතර නර්තනයේ මූලාරම්භය ජේ. පී. කාන්ති ගුරුතුමියගෙන් හදාරා හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේම අනුර ශාන්ත ගුරු පියාණන්ගෙන් වෙස් ශීර්ෂාභරණ තබා බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයේ මල්මි තිලංගා ගුරුතුමිය යටතේ උඩරට, පහතරට, සබරගමු හා විදේශීය නැටුම් හදාරා දැනට මහරගම ජාතික තරුණ සේවා සභාවේ ශිල්ප හදාරයි.

මේ අතරම අන්තර් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාව හදාරමින් සිටී. ''සතිස'' නම් වූ සංවේදී, තීක්ෂණ, සංකල්ප අර්ථයෙන් යුක්ත වූ නර්තන ඇඳුම් නිර්මාණ කිරීමට ඔහුට මඟ පෙන්වූයේ හොරණ තක්ෂිලා විද්‍යාලයේ නර්තනාචාර්ය ප්‍රගීත් අනුරාධ ගුරුතුමාය.

ඔහු දැනට සමස්ත ලංකා පාසල් නැටුම් තරගවලට මෙන්ම ජාතික තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායම, ජන කලා කේන්ද්‍රය නර්තන කණ්ඩායම, පොලිස් තූර්ය වාදක කණ්ඩායම සඳහා නර්තන රංග වස්ත්‍රාභරණ නිර්මාණයේ යෙදී ඇත.