Chathurika Peiris

With an initiation into dancing by her school teacher Daya Nellampitiya, Chathurika Peiris proceeded to study dancing further from Prof.Mudiyanse Dissanayake. Thereafter she joined Srimathi Padmini Dahanayake’s Dancing Academy “Padma” to study Bharatha Natyam.

She appeared in an advertisement over Rupavahini after which she got the opportunity to appear in a teledrama Bava Sayura.
Her role as Viveka in Suriya Daruwo became very popular. She has appeared in around 80 teledramas including Pembarayaneni, Paradeesaya, Sihina Kumari, Prarthana Mal and kaluwara Gedera. She stepped into the cinema in the film Aadaraneeya Wassanaya. Chathurika has now appeared in about 10 films including Hiri Poda Wessa, Nil Diya Yahana, Hadawatha malyayai and the new version of Hatharama Denama Soorayo.

At the Sumathi Tele Awards in 2005, she won the award for the most popular actress. In the same year she was awarded the identical award at the Raigam Tele Awards as well as the Nawaliya Vendol Awards. In 2007 she won awards at the Annual Raigam and OCIC awards.
She plays the role of a beautiful goddess as the incarnation of Vishnu in this unparallel production Mahasamayama. Though based on a complicated plot, the drama flows smoothly with many appealing art forms.
Combining musical dialogues, dancing and singing the plot requires much preparation and many rehearsals. More than 300 artistes team together on and off the stage for its successful completion.
Wedged in between two veteran artists Ravibandu and Channa Wijewardena, my characterization as an apparition of Vishnu flows through smoothly.
All actors in this drama are well known and very senior individuals. Appearing with them is a chance in a life time for all of us.
This is my first stage appearance. The fact that I came on stage through this grand production is also of special significance. This is also an opportunity for me to display my ability in dancing and improve my presentation skills.
Mahasamayama is a great experience to all of us. I am fortunate that I have been given this chance to play with such widely acclaimed artistes, particularly on an important occasion like the first anniversary of Nelum Pokuna Naional Performance Arts Theatre.

චතුරිකා පීරිස් - රූමත් දෙවඟන

දයා නෙල්ලම්පිටිය, පාසල් නර්තන ගුරුතුමියගෙන් ඔබ්බට මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් යටතේ නර්තනය හැදෑරූ චතුරිකා පීරිස්, ශ්‍රීමතී පද්මිනී දහනායකගේ “පද්ම” රංගායතනයෙන් භරත නාට්‍ය කලාව ප්‍රගුණ කළාය.

රූපවාහිනී වෙළඳ දැන්වීම් නිරූපිකාවක සේ පුංචි තිරයට ආ ඇය “බව සයුර” ඔස්සේ ටෙලි නාට්‍ය රංගනයට පිවිසියාය.

“සූරිය දරුවෝ” හි “විවේකා” ඈ ප්‍රේක්ෂකයන් අතරට ගිය ජනප්‍රියම චරිතයයි. “පෙම්බරයාණෙනි”, “පාරාදීසය”, “සිහින කුමාරි”, “ප්‍රාර්ථනා මල්”, “කළුවර ගෙදර” වැනි ටෙලි නාට්‍ය අසූ ගණනකට රංගනයෙන් දායක වූ ඇය සිනමාවට පා තැබුවේ “ආදරණීය වස්සානය” චිත්‍රපටයෙනි. හිරිපොද වැස්ස, නිල්දිය යහන, හදවත මල්යායයි හා හතර දෙනාම සූරයෝ නව නිෂ්පාදනය ඇතුළු චිත්‍රපට දහයක පමණ මේ වනවිට චතුරිකා රඟපා තිබේ.

2004 වසරේ සූරිය දරුවෝ හි “විවේකා” වෙනුවෙන් සුමති සම්මාන උළෙලේ නැගී එන නිළිය වූ ඇය, එම වසරේම ඕ.සී.අයි.සී. සම්මාන උළෙලේදී “විවේකා” වෙනුවෙන් යළි ජූරියේ සම්මානයක් දිනා ගත්තාය.

2005 වසරේ සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය, එම වසරේම රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය, නවලිය - වෙන්ඩෝල් සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය හා 2007 වසරේ රයිගම් සහ ඕ.සී.අයි.සී. සම්මාන උළෙලවලදී යළි සම්මානනීය වූවාය.

“මහසමයම” දැවැන්ත නිර්මාණයේ විෂ්ණු අවතාරය හෙවත් රූමත් දෙවඟන ඇයයි. ඇය මහසමයම ගැන සිය දැක්ම හෙළිකරමින්;

“සංකීර්ණ කතා පුවතක් වුවත් “මහසමයම” දිවෙන්නේ අතිශය සුන්දර කලා මාධ්‍ය රැසක් සමඟයි.

ගීතමය දෙබස්, නර්තනය, ගායනය, වාදනය සමග විචිත්‍රවත් වන කතා පුවතක් නිසා විශාල වෙහෙස මහන්සියක් මෙහි පුහුණුවීම් වෙනුවෙන් දරන්න වෙනවා. තුන්සියයක් පමණ වන කණ්ඩායමක් වේදිකා‍වේ හා ඉන් පිටුපස “මහසමයම” සාර්ථකත්වය වෙනුවෙන් කැප වී සිටිනවා.

රවිබන්දු විද්‍යාපති සහ චන්න විජේවර්ධන කියන ප්‍රවීණයන් අතර අතරමැදි වූ චරිතයක් ලෙසයි විෂ්ණු අවතාරය නම් මගේ චරිතය ගලා යන්නේ.

මෙහි රඟන නළුවන් සියලු දෙනාම කලා ලොව ජ්‍යේෂ්ඨයන්. ප්‍රවීණයන්. ඔවුන් සමග රංගනයේ යෙදෙන්නට අවස්ථාව ලැබීම පවා අපගේ රංගන ජීවිතයට සිප්හලක්.

මේ මගේ පළමු වේදිකා රංගනය. එය තවත් සුවිශේෂී වන්නේ ගීතමය නාටකයක් වැනි මේ දැවැන්ත නිර්මාණය හරහා වේදිකාවට ප්‍රවිෂ්ට වන්නට ලැබීම. ඒ වගේම නර්තනය කෙරෙහි මා තුළ ඇති ආශාවට, කැමැත්තට මේ ඉතාම හොඳ අවස්ථාවක්. මෙතෙක් රංගනයේ යෙදුණා වුණත් ඉතාම හොඳ හැදෑරීමක්. ගැඹුරු පුරුදු පුහුණුවීමත් සමඟ මෙවැනි චරිතයක් කරන්නට ලැබීම මෑත කාලීනව කලාවට ආ අපට හොඳ අත්දැකීමක්. ඒ වගේම නෙළුම් පොකුණට වසරක් සපිරෙන සුවිශේෂ කඩ ඉමකදී මෙවැනි ප්‍රවීණ රංගධරයන් සමඟ වේදිකාවට ප්‍රවිෂ්ට වන්නට ලැබීමත් භාග්‍යයක්...”