Kumara Thirimadura

Kumara Thirimadura while studying for Advanced Level at the Prince of Wales College in Moratuwa won the Best Actor award at the School Art Festival. Thereafter he came to act in stage Dramas on the advice given by his mentor Tissa Gunawardena, the school drama teacher who recognized his potential He has already acted in more than 100 stage plays.

He has acted in stage plays produced by giants of the Sinhala stage -Prof.Sarachchandra, Dhamma Jagoda, Jayalath Manorathne, Jayantha Chandrasiri, Parakrama Niriella, Ashoka Handagama, Sriyantha Mendis, as well as by new and young drama produces like Ravindra Ariyarathne.
Kuamara Thirimadura has won several state and youth awards for the roles he played in stage dramas and one of his great achievement was winning the Best Actor award in 2005 at the State Drama Festival.
His introduction to tele dramas was through Jayantha Chandrasiri's "Akala Sandya". He has taken part in more tha 100 tele dramas directed by veterans as well as new and young teledrama directors and thereby received Sumathi and Raigam awards for his acting.
Thirimadura has acted in more than 35 films and Jackson Anthony's "Julietge Bhoomikawa".was his debut on the silver screen.
He recently bagged the Lux cinema Award for the best supporting actor for his role in the movie "Gamani".


කුමාර තිරිමාදුර - ගුරුන්නාන්සේ

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටින වකවානුවේ නාට්‍යවේදී තිස්ස ගුණවර්ධනයගේ තීරණයකට අනුව පාසල් කලා උළෙලේ දී හොඳම නළුවා ලෙස අභිෂේක ලබා ප‍්‍රසිද්ධ වේදිකාවට පිවිසි කුමාර තිරිමාදුර මේ වන විට වේදික නාට්‍ය 100කට අධික ගණනකට සම්බන්ධ වී සිටි.

ඔහුගේ වේදිකා රංගන දායකත්වය මහාචාර්ය සරච්චන්ද්‍ර, ධම්ම ජාගොඩ, ජයලත් මනෝරත්න, ජයන්ත චන්ද්‍රසිරි, පරාක‍්‍රම නිරිඇල්ල, අශෝක හඳගම, ශි‍්‍රයන්ත මෙන්ඩිස් යන නාට්‍යකරුවන්ගේ සිට වර්තමාන තරුණ නාට්‍යකරුවන් වන රවීන්ද්‍ර ආරියරත්න වැනි නාට්‍යකරුවන්ගේ නිර්මාණ දක්වා විකාශනය වේ.

කුමාර තිරිමාදුර වේදිකාවට සම්බන්ධව රාජ්‍ය හා යෞවන සම්මාන රාශියක් දිනාගෙන ඇත. 2005 වර්ෂයේ හොඳම නළුවා ලෙස රාජ්‍ය සම්මානය දිනා ගැනීම සුවිශේෂත්වයකි.

පුංචි තිරයේ ආගමනය ඇති වන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අකාල සන්ධ්‍යා’ හරහාය. පුංචි තිරයේ දී ප‍්‍රවීණ අධ්‍යක්ෂවරු මෙන් ම තරුණ අධ්‍යක්ෂවරු යටතේ ද ටෙලි නාට්‍ය 100කට වැඩි ප‍්‍රමාණයක ඔහු රඟපා ඇත.

එ් අතරින් ද ටෙලිනාට්‍ය රංගනය උදෙසා රයිගම් හා සුමති ටෙලි සම්මාන උළෙලවල දී ඔහු සම්මානයට පාත‍්‍ර විය.

ඔහුගේ සිනමා ආගමනය සිදු වන්නේ ජැක්සන් ඇන්තනීගේ ‘ජුලියට්ගේ භූමිකාව’ හරහාය. මේ වන විට සිංහල චිත‍්‍රපට 35කට අධික ප‍්‍රමාණයකට ඔහු සිය රංගන දායකත්වය ලබා දී ඇත.

මෙවර ‘ලක්ස්’ සිනමා සම්මාන උළෙලේ දී ‘ගාමණි’ චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම සහය නළුවා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවේය.