Sandun Wijesiri - Saturn

It is with his father and brother he went to Theatre halls in his village area when he was a child. He got inspired by dramas and performance arts and started his performance life in the 1960s by performing in the two dramas of “Asokamala” and “Kudu Ke Vitti”. Although he stepped intothe popular stage even at that time he was a University entrant from the Dehiwela Madya Maha Vidyalaya.

He joined the People’s Bank in 1962 and subsequently joined the Central Bank in 1963. He obtained a degree from the Arts Faculty of the Peradeniya University while serving in the Central Bank. He was also a Diploma holder on Commerce and Financial Management and ventured to a clear path as an artiste while serving as a trained Banker. He retired as a senior Administrator of the Bank after serving there for a period of 40 years. He was awarded a doctorate by the Medcina Alternativa Institution in recognition of his banking service and his performance as an artiste.
He has performed in more than 100 stage dramas, 100 tele dramas and around 35 films. He is still being remembers by the art-lovers because of the memorable song “Gove Genu Paraadai” sung while performing in the Samudradevi drama. He has also performed in many Radio Dramas including Veediya Bandara, Miriguwa, and Sugandika. He became very popular as an English Captain. It was because the special qualities he had in pronouncing Sinhala and English.
He associated veterans in the Arts field such as Dayananda Gunawardene, Sunanda Mahendra, Henry Jayasena, G.D.L.Perera, Dhamma Jagoda, Premaranjith Tillekeratne, Sugath Samarakoon, Lucian Bulathsinhala, R.R.Samarakoon, and enriched his artistic life by making contributions to their inventions.
He entered the cinema field through G.D.L’s film “Romeo Juliet” and performed in the films such as “Sedol Kandulu:, Amme Oba Nisa, Viyuru Minisa, Ran Hadawatha,. Weera Udaara, Thanha Aasha, Suraya Weeraya, Meli Mandala, and Sakvithi Raja.
He toured the country by making contributions to a large number massive dramas such as Nettukkari, Pokuru Wessa, Othelo, Julius Ceasar, the Merchant of Venice, Samanalie, Hansa Thotupala, Nuwangana, Handapana, Othelo, Commando Diyasena, Hamlet, Harima Badu Hayak, Ananda Javanika, Murugasan, Nonavathina Gini, Biso, Samudradevi, Shri Wickrema, Muhunu Dekak, Neeroge Rangamandala, and Elizabeth.
It is Weeratungage Sandun Wijesiri who is function even today as a very busy artiste participating in Films, tele dramas, stage dramas and voicing in Radio Dramas.
He has also established a prominent place in the art world not only as an actor but as a literary personal as well. He has authored short story books such as “Poojitha Paada”, “Maha Nagaraya”, and “Hiru Nudutu Narthanaya”. He has also authored a poetry book entitled “Supushpitha Aranaka Getu Padavel”.
Sandun Wijesiri was felicitated by the Malwatte Chapter of the Siyam Maha Nikaya in the year 2008 with the award of Sahitya Kala Vibushana Deshabandu Lankaputra and in the year 2009 the Ministry of Cultural Affairs felicitated him with the award of “Kalabushana”.


සඳුන් විජේසිරි - සෙනසුරු

කුඩා ළමයකුව සිටි අවධියේ ඔහු සිය ගම් පළාතේ බහුලව රඟ දැක්වූ ටීටර් මඩු වෙත ගියේ, තාත්තාත් සහෝදරයාත් සමඟිනි. නාට්‍ය හා රංග කලාව පිළිබඳ ආශාව හිතට ඇතුළු වූ ඔහු, සිය රංගන ජීවිතය අරඹන්නේ, 1960 වසරේ ''අසෝක මාලා'' සහ ''කුඩු කෑ විත්ති'' නාට්‍ය දෙකෙහි රඟපාමිනි. ප්‍රසිද්ධ වේදිකාවට පා තැබූවත් ඒ වන විටත් ඔහු දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලැබූවකු විය.

1962 මහජන බැංකුවට සම්බන්ධ වූ ඔහු 1963 වසරේදී මහ බැංකුවට බැඳී එහි සේවය කරන අතරතුර පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් කලා උපාධිය ලබා ගත්තේය. වාණිජ හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලොමාධාරියෙකු ද වන ඔහු පුහුණු බැංකු කරුවකු ලෙස සේවයේ යෙදෙන අතර කලාකරුවෙකු ලෙසද පැහැදිලි ගමනක නිරත විය. ජ්‍යේෂ්ඨ සහකාර පාලක තනතුරේදී බැංකු සේවයෙන් ඔහු විශ්‍රාම යන්නේ ඒ වන විට 40 වසරක් එහි සේවයේ යෙදීමෙන් පසුවය. ඔහුගේ බැංකු සේවය හා කලාකාමී ජීවිතය උදෙසා වසර 2000 දී මෙඩිසිනා ඕල්ටර්නේටිවා ආයතනයෙන් ආචාර්ය උපාධියක් ද පිරිනමා තිබේ.

වේදිකා නාට්‍ය සියයකට අධික සංඛ්‍යාවක්, ටෙලි නාට්‍ය සියයක් හා චිත්‍රපට 35ක පමණ රඟ දක්වා ඇති අතර තවමත් ප්‍රේක්ෂකයා අතර නොමැකෙන මතකයක් තබා ඇත්තේ ''සමුද්‍ර දේවි'' නාට්‍යයේ රඟමින් ඔහු ගැයූ 'ගෝවේ ගෑනු පරාදයි' ගීතය නිසාය. වසුන්දරා, වීදිය බණ්ඩාර, මිරිඟුව, සුගන්ධිකා වැනි ගුවන් විදුලි නාට්‍ය ගණනාවක ඔහු රඟපෑ අතර ඉංග්‍රිසි කපිතාන්වරයෙකු සේ වඩාත් ප්‍රචලිත විය. ඒ ඔහුගේ ඉංග්‍රීසි සහ සිංහල උච්චාරණයේ පැවති සුවිශේෂීත්වය නිසාවෙනි.

දයානන්ද ගුණවර්ධන, සුනන්ද මහේන්ද්‍ර. හෙන්රි ජයසේන, ජී.ඩී.ඇල්. පෙරේරා, ධම්ම ජාගොඩ, ප්‍රේමරංජිත් තිලකරත්න, සුගත් සමරකෝන්, ලූෂන් බුලත්සිංහල, ආර්.ආර්. සමරකෝන් වැනි කේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගේ ඇසුර ලබමින් ඔවුන්ගේ නිර්මාණවලට දායක වෙමින් සිය කලා ජීවිතය පෝෂණය කරගත්තේය.

ජී.ඩී. ඇල්.ගේ 'රෝමියෝ ජුලියට්' චිත්‍රපටයෙන් සිනමාවට පා තබමින් සැඩොල් කඳුළු, අම්මේ ඔබ නිසා, වියරු මිනිසා, රන් හදවත, වීර උදාර, තන්හා ආශා, සූරයා වීරයා, කෙළිමඬල, සක්විති රජ වැනි චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායක වී ඇත.

නැට්ටුක්කාරී, පොකුරු වැස්ස, ඔතෙලෝ, ජුලියස් සීසර්, වැනීසියේ වෙළෙන්දා, සමනළී, හංස තොටුපළ, නුවන්ගනා, හඳපාන, ඔතෙලෝ, කොමාන්ඩෝ දියසේන, හැම්ලට්, හරිම බඩු හයක්, ආනන්ද ජවනිකා, මුරුගසන්, නොනිවෙන ගිනි, බිසෝ, සමුද්‍ර දේවී, ශ්‍රී වික්‍රම. මුහුණු දෙකක්, නීරෝගේ රඟමඩල, එළිසබෙත් වැනි දැවැන්ත වේදිකා නාට්‍ය විශාල ප්‍රමාණයකට දායක වෙමින් රට පුරා ගියේය.

අදත් සිනමාව, ටෙලිනාට්‍ය, වේදිකාව මතු නොව ගුවන් විදුලිය නාට්‍ය කලාවේ හඩ නළුවෙකු ලෙස වඩාත් කාර්ය බහුල ජ්‍යෙෂ්ඨ නළුවෙකු වේ නම් ඒ වීරතුංගගේ සඳුන් විජේසිරිය.

නළුවෙකු වශයෙන් පමණක් නොව සාහිත්‍යකරුවකු වශයෙන් ද ඔහු ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන තිබේ. ‘පූජිත පාද’, ‘මහ නගරය’ සහ ‘හිරු නොදුටු නර්තනය’ යන කෙටි කතා පොත් රචනා කළ ඔහු ‘සුපුෂ්පිත අරණක ගෙතූ පදවැල්’ නමින් කවි පොතක් ද රචනා කර තිබේ.

වසර 2009 සංස්කෘතික අමාත්‍යාංශයෙන් කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ සඳුන් විජේසිරි 2008 දී සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයෙන් සාහිත්‍ය කලා විභූෂණ දේශබන්ධු ලංකාපුත්‍ර සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ.