Madani Malwatte

Madani Malwatte joined the dancing troupe of the National Youth Services Council after which she came on stage with the drama “Kaneru Mal” by Jayalath Manorathne. She has been an actress on the stage for 13 years and has portrayed the characters of the Maname Queen, ‘Sinhala Seevali’ in “Sinhabahu” and other dramas like “Suba saha Yasa”, “Kelani Palama” and “Dikthala Kalagola”.

Having received nominations for the Best Actress and the Best Supporting Actress several times, Madani won the Best Actress Award for her role in Susil Gunarathne’s “Denuwara Dennek” at the State Drama Festival.
She received the Best Supporting Actress Award in 2009 for her role in K.B.Herath’s “Jaganma”. She is also the recipient of an OCIC Award for the Best Supporting Actress in the teledrama “Ebarthu Etha” in 2011. For this role she was also given a special merit award from the Raigam Awards Festival.
Having participated in 35 stage plays, she has also acted in 40 teledramas some of which are “Ran Gira”, “Muthu Pihatu”, “Heenaye Manaya”, “Gal Pilimaya Ha Bol Pilimaya”, “Sanda Nudutu Sanda”, “Monarathenna”.
In the mega production Mahasamayama, she plays the role of Gotaimbara’s wife Sona. 
Singing,dancing and acting are not new to me. I enjoy doing them. When Prof.Athugala selected me to play this role, in the most modern and well appointed stage at Nelum Pokuna, I was overjoyed at this new experience. 
To every actor who plays any role in this drama, singing and dancing are paramount.
I could not get a complete grasp of this script on the first reading and had to read and re-read it several times to understand it. There are only three female characters in the play and all three appear from beginning to end right throughout.
I am extremely pleased that I have been selected to play this important role as Sona, Gotaimbara’s wife.
This will be an unforgettable experience in my acting career as it will be staged in the most modern and well equipped Nelum Pokuna National Performing Arts Theatre which comes upto international standards. I feel a great sense of pride and will give of my best for the production.

මාදනී මල්වත්තගේ - ගෝඨයිම්බර බිරිඳ

ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වෙමින් වේදිකාවට ප්‍රවිශ්ට වු මාදිනි මල්වත්ත, ජයලත් මනෝරත්නයන්ගේ 'කනේරු මල්' හරහා ප්‍රසිද්ධ වේදිකාවට පා තැබුවාය. 

එදා මෙදා තුර 13 වසරක් වේදිකාවේම සැරිසරමින් මනමේ නාට්‍යයේ මනමේ බිසව, සිංහබාහු හි සිංහ සීවලී, සුබ සහ යස, කැලණි පාලම, දික්තලා - කාලගෝල වැනි ප්‍රසිද්ධ වේදිකාවේ නමක් තැබු නාට්‍ය ගණනාවක කඩඉම් චරිත නිරූපණය කරන්නට වාසනාව ලද්දීය.

2000 වසරේ ‍වේදිකාවේ හොඳම නිළිය සහ සහය නිළිය ලෙස කිහිප වතාවක් නිර්දේශිත නාමයන් අතර සිටි මාදනී 2007 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය ලෙස සම්මානනීය වුයේ සුසිල් ගුණරත්නගේ 'දෙනුවර දෙන්නෙක්' නාට්‍යයේ කළ රංගනය වෙනුවෙනි. 2009 වසරේ කේ.බී. හේරත්ගේ 'ජගන්මා' නාට්‍ය වෙනුවෙන් ද, 2011 වසරේ OCIC සම්මාන උළෙලේ 'ඇබෑර්තු ඇත' ටෙලි නාට්‍ය වෙනුවෙන් ද හොඳම සහය නිළිය සම්මානය ද, රයිගම් සම්මාන උළෙලේ එම නාට්‍ය වෙනුවෙන් ම ජූරියේ විශේෂ කුසලතා සම්මානයක් ද දිනා ගත්තාය.

වේදිකා නාට්‍ය 35ක් සඳහා රංගනයෙන් දායක වු ඇය රංගිර, මුතු පිහාටු, හීයේ මානය, ගල් පිළිමය සහ බොල් පිළිමය, සඳ ‍නොදුටු සඳ, මොණරතැන්න, සේපාලිකා වැනි ටෙලි නාට්‍ය 40ක පමණ රඟපාමින් පුංචි තිරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තාය.

නර්තනය, ගායනය, රංගනය පිරිවරා දිගහැරෙන මහ සමයම පුරාණොක්තියේ ඇය 'සොණ' හෙවත් ගෝඨයිම්බරගේ බිරිය ලෙස සුවිශේෂි රංගනයක යෙදෙන්නීය.

“වේදිකාව මත ගායනය, රංගනය, නර්තනය කියන භාවිතාවන් තුනම මට අලුත් දෙයක් නොවේ. ඒ කාරණා සියල්ලට මා ඉතා ප්‍රියයි. මට එය හුරුයි.

ඒත් ඇතුගල මහත්මා මේ අති සුවිශේෂි නාට්‍ය සඳහා මා තෝරාගත් විට එය නෙළුම් පොකුණ දැවැන්ත වේදිකාවට ගැළපෙන සේ නිර්මාණය වන බව දැනගත් විට මා තුළින් හට ගත්තේ නැවුම් අත්දැකීමක් විඳීමේ ආශාව.

නර්තනයත් සංගීතයත් එක්කම බද්ධ වෙලා තිබෙන මේ නාට්‍යයේ සෑම චරිතයක් ම ගැයීම අත්‍යවශ්‍යයි. ඒ නිසා නළු නිළි කැලට වගේම ශ්‍රී ලාංකේය වේදිකාවටත් මෙය අලුත් අත්දැකීමක් වේවි. මුලින්ම පිටපත දුටුවිට මට කිසිවක් තේරුම් ගන්න බැරි වුණා. නමුත් දෙවැනි, තුන්වැනි වතාවටත් කියවද්දි තමයි මේ පිට‍පතේ සුන්දරත්වය හරවත් බව භාරදූර බව සියල්ල මට වැටහුණේ. 'මහසමයම' මේ දැවැන්ත නිර්මාණය සඳහා තිබෙන්නේ කාන්තා චරිත තුනයි. ඒ තුනම ප්‍රබල ලෙස මුළු නාට්‍ය පුරාම දිග හැරෙනවා.

'සොණ' හෙවත් ගෝඨයිම්බරගේ බිරිය ලෙස මටත් එහි ප්‍රබල රංගනයකට දායක වෙන්න ලැබීම සතුටක්. විශාල අත්දැකීමක්.

අනික ක්ෂේත්‍රයේ දැවැන්තයින් පිරිවරා කරන මේ සොඳුරු නිර්මාණය තුළ මගේ නාට්‍ය ජීවිතයට ගත හැකි නැවුම් අත්දැකීම් රැසක් තිබේවි. නෙළුම් පොකුණ වැනි ජාත්‍යන්තර වේදිකාවක එසේ රඟන්න ලැබීමත් ‍නාට්‍යවේදියෙකුගේ ජීවිතයේ කඩඉමක් ලෙසයි මා දකින්නේ...”