Indika Upamali - ‘Uma’

An accomplished artiste she has made a significant contribution on the Stage, Tele Dramas & Cinema. She shines as a singer too. Having studied opera under Dr.Premasiri Khemadasa, her preference is for recognition as an Opera Singer.

A Lecturer in the University of Aesthetic Arts; her greater contribution to Art is as a Singer and Dancer.
She played the role of the Goddess of Fire in Dr.Premasiri Khemadasa’s opera ‘Agni’. She is adept at Singing while dancing and Acting while dancing.
Having come on stage in 1989 in the ‘Manasavila’ opera produced by Dr.Khemadasa, she steps on the ‘Mahasamayama’ stage playing the role of Umayangana.
In ‘Mahasamayama’ she will be able to give full rein to her skill in dancing, and singing and also playing musical instruments.


ඉන්දිකා උපමාලි - උමා

රංගවේදිනියකට කලකින් පිහිටන කුසලතා කිහිපයකට ම ඈ උරුමකම් කියයි. වේදිකාව ටෙලි නාට්‍ය හා සිනමාව යන ත්‍රිත්ව කලා මාධ්‍යයේ රංගවේදිනියක ලෙස සිය වපසරිය මුදාහළ ඈ, ගායිකාවක ලෙසත් සිය ප්‍රතිභාව පෙන්වා ඇත්තීය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් යටතේ විසි වසරක් පමණ ඔපෙරා සංගීතය හදාළ ඈ වඩාත් කැමති තමා සිංහල ඔපෙරා ගායිකාවක් ලෙස හඳුන්වාදීමටය.

සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ ව්‍යාවහාරික අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියක ලෙස සිය වෘත්තීය මෙහෙවර සිදු කරනා අතරේ කලාව සිය දෙවැනි ජීවිතය ලෙස තෝරා ගන්තී; රංගනය හා ගායනයට මුල් තැනක් දෙමිනි.

සිංහල ඔපෙරාව උගත් කේමදාසයන්ගේ අවසන් ශිෂ්‍යාවද වන ඉන්දිකා වරෙක ඔහුගේ ‘අග්නි’ ඔපෙරාවේ ‘ගිනි දෙවඟන’ වුවාය. රඟමින් ගැයීම, ගයමින් රැඟීම ඈ තුළ මහත් ප්‍රියතාවක් උපදවයි.

1989 දී ආචාර්ය කේමදාසයන්ගේ ‘මානස විල’ ඔපෙරාව හරහා වේදිකාවට පා තැබු ඕ; මෙවර මහසමයම හරහා මහා වේදිකාවට ගොඩවන්නේ කලකට පසු ව ය. ඒ උමයංගනා චරිතයෙනි.

රඟන්න, වයන්න, ගයන්න කොතෙකුත් අවස්ථාව ඇති මහසමයමේ ඇගේ නිසඟ කුසලතාවන් යළි නිදහසේ ප්‍රකට වනු ඇත.