Channa Wijewardena

Born in Burma, Channa Udayaprema Wijewardena, spent his childhood in England. He has put his own stamp to Sri Lankan dancing through innovation, improvisation and improvement in rhythm. His initiation into drama came from Chitrasena and Vajira.

He also studied dancing from veteran dancer Pani Bharatha and successfully embellished this ancient art embodying improvements.
Having the experience of Sri Lankan performances at the Albert Hall in England, he studied Kathakali dancing from Guru Wimal Nayanananda. Also low country dancing from Guru K.S.Fernando and Kandyan dancing from Lansa Gurunanse of Bevilgamuwa. |To complete his studies he took lessons from Pani Bharatha in the art of recitation related to dancing.
Having played in the rugger team of the Isipathana College, he was able to include suitable movements from the game into his dancing.
Stating that there are no boundaries in the art of Sinhala dancing he includes aesthetic movements with free abandon.
He also gives unstinted support to unparalleled cultural productions of the stature of Mahasamayama. He plays Ishwara in Mahasamayama.
The character Ishwara is not alien to me. I have depicted Ishwara in the opera Shivaranga by Chitrasena.
To evoke an aesthetic sense through movement and music alone is a very fine art.
It is important that the pattern of the rhythm is continued in keeping with the music and rhythm. In a technologically proficient stage like the Nelum Pokuna dance movements have sometimes to be re-invented.
Mahasamayama is not a mere aesthetic production. Ravibandu and I have a greater responsibility than dancing. A new dimension has to be given through the creation of the costumes.
In a stylized drama of this nature where local as well as foreign concepts of drama have been combined the dances should be novel and appealing.
These days I live this character. As Ishwara is a very powerful god I have to take upon myself the qualities of his power and greatness. Presently my walk, my talk and body movements are all Ishwara.


චන්න විජේවර්ධන - ඊශ්වර (ශිව)

ශ්‍රී ලාංකේය නර්තනයට නව රිද්මයක් එක් කළ චන්න උදයප්‍රේම විජේවර්ධන බුරුමයේ උපත ලබා, එංගලන්තයේ සිය ළමා කාලය ගත කළේය.

පසු කලෙක ශ්‍රී ලාංකේය නර්තනයට නව රිද්මයක් එක් කළ ඔහු චිත්‍රසේන - වජිරා යුවළගෙන් නර්තනයට අත්පොත් තැබීය.

දේශීය නර්තන කේෂ්ත්‍රයෙහි නව අත්හදා බැලීම් පිළිබඳ වඩාත් උනන්දු චන්න, ප්‍රවීණ නර්තන ශිල්පී පණීභාරතයන් යටතේද නැටුම් කලාව හැදෑරීය.

එංගලන්තයේ “ඇල්බට් හෝල්” වැනි ලොව අතිදැවැන්ත වේදිකාවල දේශීය නර්තන සම්ප්‍රදායේ සොඳුරු රුව ගුණ සනිටුහන් කළ හේ, විමල් නයනානන්ද ගුරුතුමාගෙන් කථකලී නර්තනයද, කේ.එස්. ප්‍රනාන්දු ගුරුතුමා යටතේ පහත රට නර්තනයද බැබිල්ගමුවේ ලංසා ගුරුන්නාන්සේගෙන් උඩරට නර්තනයද හදාරා නර්තනය පරිපූර්ණවනු වස් පණීභාරතයන් යටතේ අදාළ කවි ගායනාද පුරුදු පුහුණු වූයේය.

ඉසිපතනයේ රගර් ක්‍රීඩකයකු සේ ක්‍රීඩා කළ අංග චලනයන්ද පසුකාලීනව නර්තනයේ නව නිර්මාණ සඳහා යොදා ගන්නට චන්න සමත් වූයේය.

සිංහල නැටුම් කලාවේ සියලු සාධනීය ලක්ෂණ පිරිසිඳ දත් සෞන්දර්යවාදියෙකුගේ භාව ප්‍රකාශයට සීමා මායිම් නැති බව කියා පාමින් චන්න සංස්කෘතිය මත දෙපා හිඳුවා නිදහසේ රංගනයේ යෙදෙයි.

ඉන් නොනැවතී “මහසමයම” වැනි දැවැන්ත සංස්කෘතිමය නාට්‍ය වේදිකාවට ගෙන ඒමෙහිලා සිය පූර්ණ දායකත්වය සපයයි. මහසමය‍මේ “ඊශ්වර” ඔහුයි.

“ඊශ්වර” චරිතය මට නුපුරුදු දෙයක් නොවෙයි. චිත්‍රසේනගේ “ශිවරංග” මුද්‍රා නාට්‍යයේ මං මීට පෙර ඊශ්වර රඟපා තිබෙනවා.

චලනයන් හා සංගීතය තුළින් පමණක් සෞන්දර්ය රසයක් ඉස්මතු කිරීම තරමක් සියුම් කටයුත්තක්.

දිගින් දිගටම සංගීතය හා රිද්මය සමඟ රිදම් පැටන් එක පවත්වාගෙන යාම ඉතාම වැදගත්. අනික නෙළුම් පොකුණ වගේ තාක්ෂණයෙන් පරිපූර්ණ විශාල වේදිකාවලදී රංග වින්‍යාසය පවා වෙනස් කිරීමට සිදුවෙනවා.

“මහසමයම” මට තවත් එක් නිර්මාණයක් නම් නොවෙයි. රංගනයෙන් ඔබ්බට ගිය විශාල කාර්ය භාරයක් මටයි - රවිබන්දුටයි මෙහි තිබෙනවා. ඒ මෙහි රංග වස්ත්‍ර නිර්මාණය ඔස්සේ රංග වින්‍යාසයට නව මුහුණුවරක් දීම. මෙවැනි ශෛලිගත නාට්‍යයක, විශේෂයෙන් දේශීය නාට්‍ය ධර්ම සහ විශ්වීය නාට්‍ය ධර්ම කැටිකොට නිමවූ නව්‍ය නිර්මාණයක් සඳහා එක් කරන නර්තන ශෛලීන් නැවුම් වගේම අපට සමීපතම වීමත් වැදගත්.

ඒ නිසා මේ දිනවල මං ජීවත් වන්නේ ඒ චරිතයත් සමඟයි. ඊශ්වර යනු මහා බල සම්පන්න දෙවි කෙනෙක්. ඒ චරිතය මා තුළින් ඉස්මතු වන්නට එය ඇඟ තුළටම කාවද්දාගත යුතුයි.

මාස ගණනක් යනතුරු ඇවිදීම - කතා බහ - අංග චලනයන් පවා. ඉතින් ඊශ්වර ලෙසම තමයි...”