Ravibandu Vidyapathi

Ravibandu Vidyapathi is the eldest son of Somabandu Vidyapathi, the pioneering artiste for costume designing on the Sinhala stage. Drawing inspiration from his father, Ravibandu has added a new dimension to Sri Lankan dancing and drumming.
Putting his own stamp on the short operas in Sri Lanka, he expanded rhythm and orchestration. With creativity and research he was able to take his creations to the stage outside Sri Lanka.

In this effort he successfully combined the music of the Sri Lankan Getabera with western music, also Jazz music with Indian classical music. Over a period of more than 30 years he has participated in the Chitrasena operas of “Karadiya”, “Nala Damayanthi” and “Kinkini Kolama”. He has also participated in Vajira’s operatic creations like “Chandalika” and “Rashoman”.
His first opera was Thunwenna staged in 1984. He also created other operas basing them on world classics – to name a few “Romeo Juliet”, “Theweni Vyasanaya”, “Thrushna” and “Yudden Mihidanwu Daruwan”.
Having been initiated into dancing and opera by Chitrasena and Vajira, he became a prominent Ves dancer in 1981. He has also undergone a three year course of study in Katakali dancing as well as acting in the Kala Mandalam at Kerala in India. Again, in India he studied performing on the Tabla under David Appuhamy of Myhar. He was also a student of Piyasara Shilpadhipathy from whom he studied local drumming.
With this background he gives life to Basma Asura in Mahasamayama which delves deep into our legends and folklore traditions in this colossal stage production of Prof.Ariyarathne Athugala.
The role of Basm Asura that he plays in Mahasamayama is a very challenging one. Having been subjected to injustices piled upon him by Shiva; in this production he portrays a black character.
In the background of Hindu mythology the Asuras are always a down trodden lot. But this drama is not restricted to Hindu gods. Asuras being active right round the world, places Mahasamayama as a drama with a social background.
Ravibandu says there is no doubt that this character will be a turning point in the history of the Sri Lankan stage and that the portrayal of this character in dance is very exhilarating.
This colossal production due to be staged at the Nelum Pokuna Theatre is replete with singing, dancing, orchestration, narration in prose and verse, background scenery as well as puppets, masks and fitting music which all add to its grandeur.
This also gives a new twist to a drama originating in the mists of antiquity. Channa and I have a great responsibility in this performance. In the preparation of costumes for Mahasamayama, I have taken into account the magnitude and the colourful representations embedded not only in our local traditions but also in the Kudiyaartam, Katakali and Theiyam of the Kerala traditions.

රවිබන්ධු විද්‍යාපති - බ්‍රහ්මා අසුර

හෙළ වේදිකාවේ නූතන රංග වස්ත්‍ර නිර්මාණකරණයේ පුරෝගාමී, සෝමබන්දු විද්‍යාපතින්ගේ දෙටු පුතණුවන් ලෙස පිය උරුමයෙන් කලාව ආශ්වාදනය කළ රවිබන්දු විද්‍යාපති මෙරට නර්තන කලාවට හා බෙර වාදන කලාවට නව්‍යමානයක් එක් කළේය.

1990 දශකය තුළ ලාංකේය කෙටි මුද්‍රා නාට්‍ය කලාවේ නව නැම්මක් ඇති කළ හේ, සිය නිර්මාණාත්මක හා පර්යේෂණාත්මක තාල වාද්‍ය ප්‍රසංග ඔස්සේ ලෝ වේදිකාවද තරණය කරමින් සිටී.

ලංකාවේ ගැටබෙරය, බටහිර සංගීත සහ භාරතීය ශාස්ත්‍රීය සම්ප්‍රදායන් සමඟ මුසු කරමින් කළ නිර්මාණ, එම ප්‍රසංගවලට අයත්ය. තිස් වසරකට වැඩි මිස අඩු නැති ඔහුගේ නර්තන දිවිය තුළ චිත්‍රසේනගේ ‘කරදිය’, ‘නල දමයන්ති’, ‘කිංකිණි කෝළම’, වජිරාගේ ‘චණ්ඩාලිකා’, ‘රෂෝමාන්’ ආදී මුද්‍රා නාට්‍ය ගණනාවකම රංගනයේ අත්දැකීම් ලබා තිබේ.

1984 දී ඔහු සිය ප්‍රථම මුද්‍රා නාට්‍ය වූ “තුන්වැන්නා” නිර්මාණය කළේය.

විශ්ව සාහිත්‍ය කෘතීන් ආශ්‍රිතව මුද්‍රා නාට්‍ය ගණනාවක් නිර්මාණය කළ ඔහුගේ ඒ නිර්මාණ අතර “රෝමියෝ ජුලියට්, තෙවැනි ව්‍යසනය, තෘෂ්ණා සහ යුද්ධෙන් මිහිදන් වූ දරුවන් වෙනුවෙනි...” වැනි මුද්‍රා නාට්‍ය පෙරමුණේ හිඳී.

චිත්‍රසේනයන් සහ වජිරාවන්ගෙන් නැටුම් හා මුද්‍රා නාට්‍ය හැදෑරූ රවිබන්දු, 1981 දී වෙස් බැඳි යක්දෙස්සකු ලෙස දොරට වැඩියේය. ඉන්දියාවේ කේරළ කලා මණ්ඩලම්හිදී කථකලි නැටුම් සහ රංගනය පිළිබඳ තෙවසරක පාඨමාලාවක් හදාළ ඔහු ඉන්දියාවේ “මයිහාරයේ” දේවිද් අප්පුහාමි යටතේ තබ්ලා වාදනයද, පියසාර ශිල්පාධිපති යටතේ දේශීය බෙර වාදනයද හදාළේය.

මේ සියලු ශාස්ත්‍රීය අත්දැකීම් සමඟ මුසු වූ ඔහු ආරියරත්න ඇතුගලයන්, පුරාණෝක්තියෙන් යාතුකර්මයෙන් මහා සම්ප්‍රදායක් සොයා යන “මහසමයම” දැවැන්ත වේදිකා නාට්‍යයේ “බස්මා අසුර”ට ප්‍රාණය උපදවයි.

"බස්මා අසුර යනු මහ සමයම පුරා දිවෙන අභියෝගාත්මක චරිතයක්. බොහෝ කලක් ශිව දෙවියන්ගේ අසාධාරණයට ලක් වූ ඔහු ඒ නිසාම අයහපත පිළිබිඹු කරන්නා වූ කළු චරිතයක් බවටත් පත්වෙනවා.

හින්දු දේව කතා සංකල්ප තුළ සැමදා පරාජයට පත්වන අසුරයන්, හුදෙක් දේව කතා තුළම කොටුවී නැහැ. මේ මුළු මනුෂ්‍ය ලෝකය පුරාම ඔවුන් ක්‍රියාත්මකයි. එක්තරා සමාජ විග්‍රහයක් ලෙසත් "මහසමයම" සමස්ත නාට්‍ය හඳුන්වන්න පුළුවන් ඒ නිසා.

අනික මෙය මා ඉතා ඇලුම් කරන්නාවූ චරිතයක්. එය නර්තනයෙන් ගෙන හැර පෑ හැකි අපූරු චරිතයක්. ලාංකේය වේදිකා නාට්‍ය ඉතිහාසය තුළ "මහසමයම" එක්තරා හැරවුම් ලක්ෂයක් වේවි.

ඉතා දැවැන්ත නිෂ්පාදනයක් ලෙස නෙළුම් පොකුණේ දිග හැරෙන්නට සියලු සුදුසුකම් සපුරා තිබෙන මෙය ගායනය, වාදනය, නර්තනය, කථනය, කව්, පසුබිම් අලංකරණය, පසුතල දර්ශන, රූකඩ, වෙස්මුහුණු සහ සංගීතය මතු නොව ප්‍රක්ෂේපිත විවිධ රූපද සහිත පූර්ණ රංග ශෛලියේ නාට්‍යයක්.

එසේම අතීත මූලාශ්‍රවල හිඳ ගොඩනැගෙන්නාවූ නව රංග ශෛලියක්. මේ සියල්ල සඳහා චන්නටයි - මටයි විශාල වගකීමක් තිබෙනවා. ඒ "මහ සමයම"ට රංග වස්ත්‍ර නිර්මාණ අරභයා. ඒ ඒ චරිතවල විශාලත්වය සහ විචිත්‍රත්වය උද්දීපනය කිරීමට හුදු අපේ සම්ප්‍රදායන් මත පමණක් නොඉඳ, කුඩියාට්ටම්, කථකලි, තෙයියම් වැනි කේරළ ශාන්තිකර්මවල එන රංග වස්ත්‍ර ශෛලීන්ද මුසුකර ගත යුතු වෙනවා. අපේ වෑයම ඒ වෙනුවෙන්... "