Sriyantha Mendis

Jude Neil Sriyantha Mendis has made his presence felt on the stage, television and cinema drawing immense enjoyment from all three media. He started his artistic career with a drama based on his village and wished to go no further than the enjoyment he derived from the production.

Dissatisfied with the mere enjoyment of drama but and thirsting for knowledge, one day in 1976, he took along scripts of two short stories that he had written – “The Illisa Jataka” and “Sathuro” to K.B.Herath, the acclaimed dramatist.
His thirst for the study of drama was still running deep, Sriyantha studied drama under Norbert J.Mye a German Producer. Now on a more firm foundation, his next attempt at Drama was “Ane Ablick” staged at the Lionel Wendt.
Thereafter he made contact with renowned artistes of the caliber of Prof.Sarachchandra, Dr.Salamon Fonseka, Rohana Dandeniya, Wimalarathne Adikari, Susil Gunaratne, Jayantha Chandrasiri, Jayalath Manorathne.
For his dramatizations in the stage plays “Mahasara”, “Magul Parasthawa”, “Ekata mata Hina”, “Dunyage Geethaya”, “Parassa”, “Suba saha Yasa”, “Numba Witharak Thalaelalui”, “Mora”, “Eva-Balava”, “Romaya Gini Ganee”, “Pensa Deke Hansaya”, “Padada Asapuwa”, he has won many awards.
It was the same on Television and Cinema. “Palingu Menike”, and “Soorasena” brought him luck in teledramas. Through the teledramas – “Bedde Gedera”, Dandubasnamanaya”, “Bogala Sawundiris”, Satharadenek Senpathiyo”, “Dekethi Muwahatha” and “Sadisi Tharanaya” he won the Best Actor Award on several occasions.
In the cinema he shone in “Berunda Pakshiya”, ”Sagarayak Meda”, “Mangala Thegga”, Kalu Sudu saha Alu”, “Bambara Walalla”.
He became a producer on the stage in the plays “Pensa Deke Hansaya”, “Sudu saha Kalu hewath Warna”, “Padada Asapuwa”, “Romaya Gini Ganee” and “Gebbara Minisa”.
He portrays Gotaimbara in Mahasamayama.
I feel that this drama Mahasamayama truly fits the grand stage at Nelum Pokuna. All the artistes involved in this production are experienced actors who are well known on the stage, cinema and television.
The production is embellished with lighting, music and audio, fitting a very sophisticated modern stage. Prof. Athugala in authoring the script has made full use of these facilities. This has paved the way for a new tradition in drama, also innovations in dramatization and musical compositions. Undoubtedly Mahasamayama will open new vistas in the history of drama in this country.
The drama has been based on ancient and aged old traditions and believes of gods and men. Combining this story on a colossal stage with modern improvisations will certainly be a new experience.
I have depicted the role of a Yaksha-Poornaka in the drama 'Parassa'. That background gives me confidence and pleasure to portray the character of 'Gotaimbara'.
Production of this stature has to be presented to the people for the sustenance of arts and artistes. That opportunity has now arrived.


ශ්‍රියන්ත මෙන්ඩිස් - ගෝඨයිම්බර

ජූඩ් නීල් ශ්‍රියන්ත මෙන්ඩිස් යනු වේදිකාව, රූපවාහිනිය සහ සිනමාව තුළ යම් සටහනක් තැබූ, මේ ත්‍රිත්ව මාධ්‍යයන්ම ආශ්වාදනීය ලෙස විඳින්නාවූ සුවිශේෂී රංගධරයෙකි.

1970 දශකයේ සිය ගම් පළාත පාදක කොට ගෙන නාට්‍යයක් නිර්මාණය කළ ඔහු, ඒ තුළින් සොයන්නට වෙහෙසුණේ වේදිකාවේ හතර කොන මිස, රඟපෑමේ තෘප්තියක් නොවේ.

නාට්‍යකරණයෙහි අර්ථය රසය මතු නොව හැදෑරීමේද පිපාසය ඇතිව හේ 1976 වසරේ දිනෙක කේ. බී. හේරත් ප්‍රවීණ නාට්‍යකරුවා වෙත ගියේය. ඔහු අතින් ලියැවුණු පිටපතක් ගෙන “ඉල්ලීස ජාතකය සමඟ සතුරෝ ” නම් කෙටි නාට්‍ය දෙකක් නිර්මාණය කළේය. ඒ ඔහුගේ කලා දිවියේ ප්‍රවිෂ්ටයයි.

නාට්‍ය අධ්‍යයනයේ සා පිපාසාව තව තවත් දැනෙන්නට වූ තැන, ජර්මන් ජාතික මහාචාර්ය නෝබට් ජේ. මයර් යටතේ නාට්‍ය හා රංග කලාව හදාරන්නට වූ ශ්‍රියන්ත යළි නාට්‍යකරණයට අත ගැසුවේ හොඳ පදනමක් මත දෙපා රඳවාගෙනය.

‘අනේ අබ්ලික්’ ලයනල් වෙන්ට්ඩ් වේදිකාව මත දිග හැරෙන්නේ එහි පළමු ප්‍රතිඵලය ලෙසිනි. එතැන් පටන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්, ආචාර්ය සාලමන් ‍‍ෆොන්සේකා, රෝහණ දන්දෙණිය, විමලරත්න අධිකාරී, සුසිල් ගුණරත්න, ජයන්ත චන්ද්‍රසිරි, ජයලත් මනෝරත්න වැනි සකළ නාට්‍ය ලෝකයේ ක්‍රියාකාරීව හුන් නිර්මාණකරුවන් රැසකගේ ඇසුරට වැටුණේය.

‘මහාසාර’, ‘මඟුල් පරස්තාව’, ‘ඒකට මට හිනා’, ‘දුන්යාගේ ගීතය’, ‘පරාස්ස’, ‘සුබ සහ යස’, ‘නුඹ විතරක් තලඑළළුයි’, ‘මෝරා’, ‘එව බලව’, ‘ගිනි ගත් රෝමය’, ‘පැංස ‍දෙකේ හංසයා’, ‘පාදඩ අසපුව’ වැනි වේදිකා නාට්‍ය ගණනාවක රඟමින් වරක් දෙවරක් නොව බොහෝ වරක් සම්මානනීය වූයේය.

රූපවාහිනියේ මෙන්ම සිනමාවේද එසේම විය. පළිඟු මැණිකේ හි ‘සූරසේන’ පුංචි තිරයේ ඔහුට වාසනාව රැගෙන ආවේය. බැද්දෙගෙදර, දඬුබස්නාමානය, බෝගල සවුන්දිරිස්, සතරදෙනෙක් සෙන්පතියෝ, දෑකැති මුවහත, සදිසිකරණය වැනි ටෙලි නාට්‍ය ඔස්සේ සම්මාන උළෙල කිහිපයකම, කිහිපවරක්ම හොඳම නළුවා වූයේය.

භේරුණ්ඩ පක්ෂියා, සාගරයක් මැද, මංගල තෑග්ග, කළු සුදු සහ අළු, බඹර වළල්ල ඔහුගේ රංග ප්‍රතිභාවන් ඔසවා තැබූ සිනමා පට වේ.

පැංස දෙකේ හංසයා, සුදු සහ කළු හෙවත් වර්ණ, පාදඩ අසපුව, රෝමය ගිනි ගනී සහ ගැබ්බර මිනිසා නිෂ්පාදනය කරමින් ඔහු වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකුද වූයේය.

ඔහු ‘මහසමයමේ’ ‘ගෝඨයිම්බර වන්නේ’ මේ සියලු අත්දැකීම් සමඟය. ‍

“ ‘නෙළුම් ‍පොකුණ’ කියන මහා වේදිකාවට ගැළපෙන ලෙස සැලසුම් කරන ‘මහසමයම’ සැබවින්ම මහා නිර්මාණයක් ලෙසයි මා දකින්නේ.

මෙහි රංග කාර්යයේ යෙදෙන බොහෝ ශිල්පීන් වේදිකාව, සිනමාව සහ පුංචි තිරය කියන ත්‍රිත්ව මාධ්‍යයේම අත්දැකීම් ඇති අය.

අතීත ගීත නාටකයක් සේ ගලා ගියත් ප්‍රයෝග, ආලෝක ධාරා, සංගීතය, ශබ්දය කියන අති දැවැන්ත මෙවලම් පෙළක් උපරිම ප්‍රයෝජනයට ගෙන ඒ හා බද්ධවී ගලා යන ලෙසයි මහාචාර්ය ඇතුගලයන් පිටපත රචනා කොට තිබෙන්නේ.

මේ ඔස්සේ බිහිවන්නේ නව ආරක සම්ප්‍රදායක් නොවෙයි. නව රංග කලා සංස්කෘතියකුත් බිහි වනවා. අපේ නාට්‍ය ඉතිහාසය තුළ නව මානයක් ඇති කරන්නට ‘මහසමයම’ සමත් වේවි.

මොකද නාට්‍යකරණයේ සියලු කරුණු සපිරිවරා අතීතය, දේව කතා, මනුෂ්‍ය ලෝකය එකට පාහමින් අති දැවැන්ත වේදිකාවට සහ එහි භාවිත නව මෙවලම්වලට ගැළපෙන ලෙස නිර්මාණය වන නාට්‍යයක් නිසා.

ඒ වගේම ‘පරාස්ස’ නාට්‍යයේ ‘පූර්ණක’ නම් යක්ෂයාගේ චරිතය කර තිබෙන නිසා ‍‘ගෝඨයිම්බර’ චරිතය පිළිබඳ මා තුළ ඇත්තේ ආසාවක්. ඇත්තටම එය නව මානයකින් ගෙන හැර පෑ හැකි අපූරු චරිතයක්.

මේ රංග ශාලාව ජනගත කරන්නට මෙවැනි නිර්මාණ නොකරනවා නම්, නාට්‍යකරුවන් ලෙස මේ දැවැන්ත වේදිකාව බුක්ති විදීමේ අවස්ථාව අපට අහිමිව යනවා. ඉතින් උදාවෙලා තිබෙන්නේ ඒ අමරණීය අවස්ථාවයි...”

More in this category: Ravibandu Vidyapathi »