Nissanka Diddeniya

Henry Nissanka Diddeniya lovingly addressed in art circles as ‘Diga’ gets the introduction to stage drama through Prof.Ediriweera Saratchandra. At that time he was an Arts Graduate.
Acting in well known dramas like Sinhabahu, Maname, Mahasara, Pemato Jayati Soko, Gajaman Puwatha, Padmawathi, Sirisangabo, Tharavo Igelethi, Rattaran Rathu Hettakari he has been on stage for 39 years.

He played the role of the Lion in Sinhabahu for an unbroken 25 years. He also portrayed the King of the Veddas in Maname. For some time he has also portrayed Prince Maname. His role as Elapatha Mudali in Gajaman Puwatha is unforgettable. He introduced the Nurti tradition to the stage.
Having studied North Indian music under B.Victor Perera and Premadasa Mudunkotuwage, he was successful in the Sangeet Visharada Bathkand examination in the 80’s. He has also been successful at the auditions for folk songs and Nadagam songs conducted by the Sri Lanka Broad- casting Corporation.
He also compiled two music albums – Avaragira Mudunin in 1992 and Ranmala in 2002. He was awarded the first Bunka award for Art in 1993. In 2002 he authored a book titled Arumesi Gee Sara.
Competent in acting and dancing he steps into Prof.Athugala’s Mahasamayama as the Narrator.
There was an era where our past was very close to our culture. Mahasamayama also depicts the cultural binding we have with stories of the Deva’s and the Yaksha’s. This is also an attempt to bring on to the stage a peep into our ancient heritage.
One might feel whether the role of the Narrator is important. Starting from the Greek dramas, the narrator plays an important role connecting the various incidents of the drama. His role becomes vital when difficult portrayals can be related through narration. This concept was even used by Bertolt Brecht in his drama “The Chalk Circle”.
I am quite at home being the Narrator. It gives me great pleasure to enact the narrator’s role in Mahasamayama. It is also a rare occasion where ancient traditions and rituals come alive through portrayal, song and dance.


නිශ්ශංක දිද්දෙණිය - පොතේගුරු

හෙන්රි නිශ්ශංක දිද්දෙණිය හෙවත් කලා ලොවේ සොඳුරු ආමන්ත්‍රණය 'දිගා' හැටේ දශකයේ වේදිකාවට පා තබන්නේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ ඇසුරේ නාට්‍ය කලාව ප්‍රගුණ කරමිනි. එවිට ඔහු කලා උපාධියක් ලද උපාධිධාරියෙකි.

ප්‍රසිද්ධ වේදිකාවේ 39 වසරක් ගෙවා දැමු ඔහු සිංහබාහු, මනමේ, මහාසාර, ගජමන් පුවත, පද්මාවතී, සිරිසඟබෝ, තාරාවෝ ඉගිලෙති, රත්තරන්, රතු හැට්ටකාරී වැනි නාට්‍ය හතළිහකට වැඩි සංඛ්‍යාවකට දායක වෙමින් වේදිකාවේ යුගයක් එකලු කළේය.

නොකඩවා වසර 25ක් ඔහු සිංහබාහු හි සිංහයා විය. මනමේ නාට්‍යයේ වැදි රජු විය. කලෙක 'මනමේ' කුමරා විය. ගජමන් පුවතේ 'ඇලපාත මුදලිත්' අපට කිසිදා අමතක නොවේ.

නූර්ති සම්ප්‍රදාය තාත්වික වේදිකාවට රැගෙන ඒමේ ගෞරවය හිමි වන්නේ ද ඔහුටය.

බී. වික්ටර් පෙරේරා සහ ප්‍රේමදාස මුදුන්කොටුවගෙන් උත්තර භාරතීය සංගීතය හැදෑරු‍ හේ 80 දශකයේ දී ඉන්දියාවේ භාත්ඛණ්ඩ සංගීත විශාරද විභාගය සමත් විය.

එම දශකයේ ම ජන ගී සඳහා හා නාඩගම් ගී සඳහා නියමිත විභාග විශිෂ්ට ලෙස සමත් වෙමින් ගුවන් විදුලියේ සරල ගී ගායකයෙකු ද විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන පශ්වාද් උපාධිය ඔහු අවසන් කළේ 90 දශකයේ දී.

1992 වසරේ 'අවරගිර මුදුනින්' සහ 2002 වසරේ 'රන් මාලා' නමින් ගීත ඇල්බම් දෙකක් ද නිකුත් කළේය. සිය කලා දිවිය අගයමින් 1993 වසරේ පළමු 'බුන්කා' සම්මානය ලද ඔහු 2002 වසරේ 'අරුමැසි ගී සර' නමින් කෘතියක් ද එළිදැක්වීය.

ගායනයේ රංගනයේ හා නර්තනයේ අපූරු ප්‍රතිභාවක් ඇති 'දිගා' මහාචාර්ය ඇතුගලයන්ගේ 'මහසමයම' ට ආරූඪ වන්නේ එහි පොතේ ගුරු ලෙසිනි.

“සිංහල සංස්කෘතිය හා බද්ධ වී ඇති පුරා‍ණෝක්තිය අපට අතිශය සමීප වූ යුගයක් තිබුණි. 'මහසමයමත්' එවැනි දේව කතා හා යක්ෂ කතා සංකල්පය ඇසුරේ ගොඩනැගුණු අපේ එක්තරා සංස්කෘතියක පැතිකඩක් ලෙසයි මා දකින්නේ. ඒ වගේ ම පැරැණි යටගියාව තුළ සැඟව ගිය අපුරු පරිච්ඡේදයක් යළි ඉස්මතු කොට මහා වේදිකාව වෙත කැඳවාගෙන ඒමක්.

කෙනෙකුට හිතන්න පුළුවන් 'පොතේ ගුරු' එතරම් වැදගත් චරිතයක් ද කියා. නමුත් ග්‍රීක යුගයේ පටන් ඇරඹි පොතේ ගුරු සංකල්පය තමයි නාට්‍යයක ගලා යාමට ප්‍රබල ලෙස දායක වෙන්නේ. එකිනෙක සිදුවීම් ඈදන - සම්බන්ධ කරවන පොතේ ගුරු එක්තරා විදිහයක සම්බන්ධීකාරක චරිතයක්. රඟපා පෙන්වීමට අසීරු අපහසු කොටස් විස්තර කොට ඊළඟ සිදුවීමට චරිත සම්බන්ධ කරන්නේ ඔහුයි.

එය බර්ටෝල් බ්‍රෙෂ්ට් වැන්නන් 'හුණු වටය'ට පවා භාවිතා කළා. මේ දාර්ශනික මතවාදයක් - පුරාණෝක්ති ඇසුරින් ගෙන හැර පාන වේදිකාවක, පොතේ ගුරු භාවිතා කරන අවස්ථාවක්. මට සුපුරුදු ශෛලිය යළි අවදි කිරීමක් මහ සමයමේ පොතේ ගුරු චරිතය මට විශාල සතුටක් ගෙනෙන්නේ ඔය සියලු කාරණා නිසා. අනික ඉපැරණි අභිමන් විධි, යාතු කර්ම, බලි තොවිල් හා ඈදුණු නර්තනය, ගායනය, රංගනය කියන සියලු සුන්දරත්වයන් කලකින් එකම වේදිකාවක දකින අවස්ථාවක් නිසා...”