Prof.Ariyarathne Athugala

Creative Arts are paramount in nourishing the spirit – the inner thinking of the people of any country. My personal view is that there is a wealth of peoples thinking behind our traditional folk art, as well as sacrificial offerings/rituals performed in honour of an array of unseen celestial and other worldly beings of varying stature.

Legends and Rituals/sacrificial offerings to these beings embodied the patterns of our thinking on our world, as well as the evolution of human relationships throughout the centuries.
Sacrificial offerings have for long been an integral part of our society and are an essential component in the thinking and well being - of our people. In this context, masks play an important role in ritual dancing. Today, its popularity has taken a foot hold in the tourist industry as most tourists are enamored with masks and mask dancing.
But one must remember that a mask is a combination of worldly and spiritual thinking. Masks link our world to unseen worlds. Masks, mask dancing and sacrificial offerings are linked together and form important components in our traditional dancing. This drama ‘Mahasamayama’ too has taken these into account.
We have destroyed some of these ancient and valuable elements in an over protective attempt due to our greed. This is evident in other areas too.
I feel that these facts should be viewed in a new light and with a more practical approach.
If we destroy something due to over protection, we should view it from outside as an outsider would. We may be able to see many things we have not recognized or seen before – in fact many important things. Otherwise slavishly hanging on to our belief, we will be encased in a cover of mystique.
It is my vision to view our things from a global perspective. This is the theory I followed in the production of ‘Mahasamayama’.

 

මහාචාර්ය ආරියරත්න ඇතුගල - රචනය සහ අධ්‍යක්ෂණය

මේ රටේ මිනිසුන්ගේ ආධ්‍යාත්මයන් පෝෂණය කරන්නට ශක්තිමත් නිර්මාණ කලාවක් බිහිවිය යුතුයි.මා දකින මූලික දේ වන්නේ,ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික වූත් ජනකලාවන් සහ අනෙකුත් යාතුකර්ම හා පූජා කර්ම ආශ්‍රිතව විශාල ජන විඥාන ධාරාවක් තිබෙන බවය.

''පුරාණෝක්ති'' සහ ''යාතුකර්ම''ඉතාම පුරාණයේ සිට අපේ චින්තන ධාරාවන් සකස් වූ ආකාරය, ලෝකය සහ මානව සබඳතා ගොඩනැගුණු ආකාරය මෙතුළ දක්නට පුළුවන්.

යාතුකර්ම වල දකින්නට තිබෙන ගති ලක්ෂණ ඉතා වැඳගත් ය. ඒ අතර ''වෙස්මුහුණ''අතිශය වැදගත් ය.එහෙත් වෙස් මුහුණු කලාව වර්තමානයේ බොහෝ ජනප්‍රිය වී තිබෙන්නේ සංචාරක ආකර්ෂණය ගෙන එන මාධ්‍යයක් ලෙස.එහෙත් වෙස්මුහුණ කියන්නේ ලෞකික හා ආධ්‍යාත්මික එකතුවක්.වෙනත් ආකාරයකින් ප්‍රකාශ කළහොත් ''වෙස්මුහුණ'' කියන්නේ,නොපෙනෙන ලෝකය සහ මිනිසා අතර තිබෙන එක්තරා අතරමැදි මාධ්‍යයක්.

අපේ කෝළම් වගේම සන්නි,පාළි, වැනි පූජාවිධිවලින් පූරාණ අපිට බැදුණු බොහෝ නාට්‍ය ධර්මී ගුණාංග අඩංගුයි.මේවා මා නාට්‍යට පදනම් කරගන්නවා.

අපි අපේ දේවල් කියා,බොහෝ විට නිර්මාණයට ගත් පැරණි දේවල් නැතිකර ගත්තා.අපේ දේවල් කියා ලෝභකමින් ,තණ්හාවෙන්,රැක්ක මෙවැනි දේ විනාශ කරගත්තා.මෙය සෑම ක්ෂේත්‍රයකම දකින්න හැකි පොදු කාරණයක්.

මේ දෙස අලුතින් බලන්නට අවශ්‍යයි කියන සිතුවිල්ල මා තුළ පවතිනවා.ඒ ප්‍රවේශය මා තුළ පවතිනවා.

මට පෙනෙන කාරණය වන්නෙ,අපේම කිය අල්ලාගෙන විනාශ කරගන්නා කාරණය ආරක්ෂා කරගන්නම්, ඒ සඳහා හොඳම ක්‍රමය ඒ දෙස පිටස්තර,ආගන්තුකයකු ලෙස බැලීම.ඒ මඟින් බොහෝ ගතිලක්ෂණ හඳුනාගන්නට පුළුවන්.වටිනා දේ මුණගැසේවි.එසේ නොමැතිව හැඟීම් වලට වහල්වෙලා ඒවාට මිත්‍යාමය අර්ථකතනයක් පමණක් ඉතිරි කරනවා.

අපේම දේවල් දෙස පිටින් සිට විශ්වීය පදනමක් තුළ බැලීම,මාගේ දෘෂ්ටියයි. මහසමයම නිෂ්පාදනය හි ප්‍රවේශය සඳහා පදනම වන්නේ එම නාට්‍යධර්මයයි.