ජුනි මස 26, 27, හා 28 ”මහසමයම” යළිත් වේදිකාවට - සිව් දෙසින් මහසමයමට

මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ ‘මහසමයම’ දෘශ්‍ය කාව්‍ය 2014 ජුනි මස 26, 27 හා 28 යන දිනවල නැවතත් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී රංගගත වීමට නියමිත ය.


පේ‍්‍රක්ෂක ඉල්ලීම් මත වේදිකාගත කිරීමට යෝජිත ‘මහසමයම’ දෘශ්‍ය කාව්‍ය පාසල් ප‍්‍රජාවේ ආකර්ෂණයට ලක් ව තිබේ. මෙවර පාසල් දර්ශන සඳහා කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල හා අනුරාධපුරය යන දිස්ති‍්‍රක්කවලින් පාසල් 25කට ආසන්න ප‍්‍රමාණයක සිසු සිසුවියන් මෙම දර්ශන සඳහා සහභාගි වීමට නියමිතයි. දැනටමත් පාසල් දර්ශනය සඳහා ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීම අවසන් වී ඇත. දුර පළාත්වලින් නාට්‍යයක් නැරඹීම සඳහා බස්වලින් පැමිණීම දේශිය නාට්‍ය සංස්කෘතිය තුළ විශේෂත්වයකි.
එසේ ම එම නාට්‍ය පාසල් දර්ශනය සඳහා වේදිකාගත කරන දිනවල පාසල් සිසුන් සඳහා නාට්‍යකරණය පිළිබඳ කෙටි දේශන මහාචාර්ය ආරියරත්න ඇතුගල හා ප‍්‍රවිණ රංගන ශීල්පි ජැක්සන් ඇන්තනි විසින් පැවැත්වීමට නියමිත ය.
ලංකාවේ ප‍්‍රවීණතම ප‍්‍රතිභාපූර්ණ නළු නිළි කැළක් රංගන දායකත්වය සපයන මහසමයමෙහි ජැක්සන් ඇන්තනි, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, චන්න විජේවර්ධන, රවිබන්දු විද්‍යාපති, ඉන්දිකා උපමාලි, චතුරිකා පිරිස්, මාදනී මල්වත්තගේ, ජනක රණසිංහ, කුමාර තිරිමාදුර යන කලාකරුවෝ වෙති. 200කට අධික රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් සහභාගිවන අතර විශාරද සමන්ත පෙරේරා සංගීත අධ්‍යක්ෂණ කරයි.
2014 ජුනි මස 26 හා 27 දිනවල පාසල් දර්ශන පෙ.ව. 10.30ට හා ජුනි මස 28 වන දින මහජන දර්ශනය පස්වරු 6.30ට වේදිකාගත කිරීමට නියමිත ය.
මෙම දෘශ්‍ය කාව්‍ය නැරඹීම සඳහා ප‍්‍රවේශ පත‍්‍ර සදීපා පොත්හල බොරැුල්ල, සරසවි පොත්හල නුගේගොඩ සහ මහරගම ඪසඉර්එසදබි ආයතනය යුනියන් පෙදෙස, වනපෙත පොත්හල දෙහිවල, යමහා මියුසික් සේන්ටර්, නෙළුම් පොකුණ රඟහලේ ප‍්‍රවේශපත් අලෙවි කිරීමේ කවුන්ටරය සහ ඔසජනැඑිගකන කාර්යාලය 113, 5 වන පටුමග, කොළඹ 03 යන ස්ථානවලින් ලබා ගත හැකි ය. විද්‍යුත් මාධ්‍ය අනුග‍්‍රහය ‘සිරස’ ඔඪ , ‘සිරස’ ත්‍ඵ සපයයි. එසේ ම අඅඅගඑසජනැඑිගකන සහ අඅඅගප්ය්ි්ප්හ්ප්ගකන යන වෙබ් අඩවි මඟින් ද ටිකට් පත් වෙන් කර ගැනීමට හැකියාව ඇත.