මහසමයම මහාචාර්ය ආරියරත්න ඇතුගල දෘශ්‍ය කාව්‍ය නිෂ්පාදනය

මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ දෘශ්‍ය කාව්‍ය වන මහසමයම මංගල දර්ශනය ජනවාරි මස 30, පෙබරවාරි 1, 2 යන දිනවලදී නෙළුම් පොකුණ රංග පීඨයේදී වේදිකාගත කිරීමට නියමිතය.

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ මෑතකදී බිහිවන දැවැන්තම ප්‍රාසාංගික නාට්‍ය නිර්මාණයක් ලෙස මහසමයම දෘශ්‍ය කාව්‍ය හැදින්විය හැකිය. ලාංකේය වේදිකා නාට්‍ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන්නට සමත් වන මහසමයම තුළ දැකිය හැකි අනේකවිධ වූ විශිෂ්ටත්වය අපූර්වය.


ලංකාවේ ප්‍රවීණතම නළු නිළි කැළක් එයට සිය ප්‍රතිභාපූර්ණ රංගන දායකත්වය සපයයි. ඒ අතර ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ඉන්දිකා උපමාලි, නිශ්ශංක දිද්දෙණිය, චන්න විජේවර්ධන, රවිබන්දු විද්‍යාපති, චතුරිකා පීරිස්, මාදනී මහවත්ත, සඳුන් විජේසිරි, කුමාර තිරිමාදුර යන කලාකරුවෝ වෙති. මහසමයමේ නර්තන වින්‍යාසයසය චන්න විජේවර්ධන හා රවිබන්දු විද්‍යාපතිපති වන අතර සංගීතය සමන්ත පෙරේරාගෙනි.