Latest News

මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ ‘මහසමයම’ දෘශ්‍ය කාව්‍ය 2014 ජුනි මස 26, 27 හා 28 යන දිනවල නැවතත් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී රංගගත වීමට නියමිත ය.

Prof.Ariyarathna Athugala's Epic Drama "Mahasamayama" will be staged on June, 26, 27 & 28 at the Nelum Pokuna Mahinda Rajapaksa Theatre.

මහාචාර්ය ආරියරත්න ඇතුගල ලියූ නවතම පර්යේෂණ කෘති යුගලය ''වෙස් මුහුණ සහ විෂ්පෞරුෂායණය'' සහ ''මහ සමයම හා එටික් නාට්‍යවේදය ''නමින් නිකුත් විය. වෙස් මුහුණු පොතට ස්වභාව ධර්මය හා වෙස් මුහුණු චිකිත්සක වෙස් මුහුණු නිර්මාණාත්මක විද්‍යාව භූත මන්ත්‍රණ වෙස් මුහුණු හා වේදිකානාට්‍ය යනුවෙන් පරිච්ඡේද රැසකින් ද ඡායාරූපවලින් ද යුක්තය.

මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ දෘශ්‍ය කාව්‍ය වන මහසමයම මංගල දර්ශනය ජනවාරි මස 30, පෙබරවාරි 1, 2 යන දිනවලදී නෙළුම් පොකුණ රංග පීඨයේදී වේදිකාගත කිරීමට නියමිතය.

පුරාණෝක්තියෙන් යාතු කර්මයෙන් උපන් ජන නාට්‍ය සම්ප්‍රදායන්ට, වර්තමානයට ආරාධනා කරනු වස්, පුරාණ මානව පරිකල්පනයෙන් හා ස්මරණයේ මහත් වූ ආනිශංසයෙන් බිහි වූ නිර්මාණාත්මක අනුභූතීන් හා රංග චර්යා ඔස්සේ අද්‍යතන මානව සිතුවිලි හා පැවැත්ම තේරුම් බේරුම් කර ගැනීම උදෙසා ''මහසමයම'' දැවැන්ත වේදිකා නාට්‍යය ලබන ජනවාරි 30 වැනි දා රංගාවතරණයට සූදානම් වේ.